Thursday, December 12, 2013

ආරම්භය...............

ජිවිතේ අවුරුදු ගානක් තිස්සේ බලන් හිටියා මොන වගේ කෙල්ලෙක් මගේ ජීවිතේට ලැබෙයිද කියල....ඒ අතරේ කෙනෙක්ට හිතින් ආදරෙත් කළා.... ඒත් ඒක ඒකපාර්ශවික ආදරයක් විතරක් උනා... ඒත් මං දැනන් හිටියේ නෑ මං හොයන ඒ ආදරේ මගේ ලගටම වෙලා තිබුන කියල..... 

 ජීවිතේ කියන්නේ මහා පුදුම දෙයක්.... කෙනෙක්ව ලැබෙන්න තියෙනවා නම් එක සක්‍රයා නෙමේ මොකා ආවත් නවත්වන්න බෑ.... අපි ජීවිතේටවත් ඇහැටවත් දකින්න හිටි දෙන්නෙක් නෙමේ.... ඒත් අපි දෙන්නව එකතු කරන්න වෙන්න ඇති මේ දේවල් මේ විදියට සිද්ද උනේ....

 මං හෙව්වේ, මං ආදරේ දෙනවට වඩා මට ආදරේ දෙන කෙනෙක්ව.. මාව තේරුම් ගන්න කෙනෙක්ව.. හැම තත්පරෙකම මාත් එක්ක ඉන්න කෙනෙක්ව.. ජීවිතේ කියන දේ බෙදා ගන්න පුළුවන් කෙනෙක්ව.. ඒ හැම කෙනාවම එකට එකතු වෙච්ච කෙනෙක් මේ ලෝකේ ඉදීවි කියල මං කවදාවත් හිතුවේ නෑ.... ඒත් ඒ කෙනාව මගේ ඉස්සරහටම ඇවිත් මගේ මුළු ජීවිතේටම හම්බුනා කියල දැනෙද්දී කියා ගන්න වචන නෑ... එකම දේ වෙන්නේ ඒ ආදරේ දරා ගන්න බැරිව ඇස් දෙක තෙමෙන එක විතරයි.... 

 මගේ මුළු හදවතින්ම ඔයාට ආදරේ කරනවා මං... ඒක ඔයාට කියන්න ඕනේ නෑ ඔයාට එක දැනෙනවා කියල මං හොදටම දන්නවා... ඒ වගේමයි ඔයාගේ ඒ ආදරෙත් මට දරාගන්න බැරි තරමට දැනෙනවා රත්තරන්... ඒකයි මේ ඇස් වලට කඳුළු එන්නෙත්... දුකකට නෙමේ.. දරාගන්න බැරි ආදරේ නිසා සතුටට....

 මුළු ජීවිතේම ඔයත් එක්ක ජීවත් වෙන්න ඉඩ දුන්නට ඔයාට ගොඩාක් පින්... කවද හරි මගේ අන්තිම හුස්ම ටික යන්නෙත් ඔයාව බදාගෙන ඔයාගේ ඔය පපුවට තුරුල් වෙලා... අන්තිම තත්පරෙත් මට ඔයාගේ උණුහුම ඕනේ.. ඔයාගේ ඔය පපුවට හාද්දක් දීල මේ ආත්මේ මාත් එක්ක හිටිය වගේ ඊලග ආත්මෙත් ඔයා එනකන් බලන් ඉන්නවා කියල කියන්න ඕනේ මට....

 පොරොන්දු වෙනවා රත්තරන් මං.. ජීවිතේ කවමදාවත් ඔයාගේ ඇස් වලට කඳුළු බින්දුවක් එන්න දෙන්නේ නෑ කියල....ජීවිතේ හැම සතුටක්ම, හැම දුකක්ම බෙදාගන්නවා කියල....

 බුදු සරණයි රත්තරනේ.... මේ වගේම මුළු ජීවිතේම මාත් එක්ක ඉන්න.... මේ වගේ මට දරාගන්න බැරි තරම් ආදරේ කරන්න... ආදරෙයි ඔයාට මං ගොඩාක්........................

No comments:

Post a Comment