Thursday, December 12, 2013

තව හීන නෑ මට.....

තව හීන නෑ මට..... දැකපු එකම හීනෙට පණ ඇවිත්..... මෙච්චර කල් හිතේ මැවුණු රූපේ... හිත ඉල්ලපු ආදරේ... හැමදෙයක්ම බින්දුවක්වත් අඩු නැතුව දෙන්න පුළුවන් කෙල්ලෙක් මගේම වෙලා..... කියා ගන්න තේරෙන්නේ නැති ආදරයක් හදවතින්ම පිටාර ගලනවා.... ඒ ආදරේ දරාගන්න බැරි කමට ඇස් වලට කඳුලුත් එනවා.... හැබැයි ඒ දුකකට නෙමේ... මේ කෙල්ල මගෙම උනා කියන සතුටට......

බබා... ඔයා මගේ මුළු ජීවිතේම සම්පුර්ණ කළා....මෙච්චර කාලයක් තනියම හිටිය එක ගැන එක බින්දුවක්වත් දුක නෑ මට..... මං එහෙම ඉන්න ඇත්තේ ඔයා එනකන් කියල මට දැන් තේරෙනවා...... ඔයා නැතුව වෙන කිසි කෙනෙකුට මං හොයන ආදරේ දෙන්න බෑ බබා.... දැන් මට ජීවත් වෙන්න අරමුණක් තියෙනවා.... මං වැටෙද්දී අල්ල ගන්න වාරුවක් තියෙනවා... ඒ සේරටම වඩා මං මොන විදියට හිටියත් මාව පපුවට තුරුල් කරන් නිදි කරවන්න පුළුවන් කෙල්ලෙක් ඉන්නවා.... ඉතින් තව මොනාද මට ඕනේ.... දැන් ඉතින් තියෙන්නේ මගේ කෙල්ලගේ ඇස් වලට එක කඳුළු බින්දුවක් වත් එන්නේ නැති වෙන්න එයාව සැපෙන් තියන එක විතරයි.... එකත් මං කරනවා.....

ආදරෙයි රත්තරන් මං... පොරොන්දු වෙනවා මේ සේරම ඉස්සරහ ඔයාට, කවමදාවත් ඔයාගේ ඇස් වලට මං වෙනුවෙන් අඩන්න ඉඩ තියන්නේ නෑ කියල..... මගේ අන්තිම හුස්ම වෙනකන් ආදරේ කරන්නේ ඔයාට විතරයි කියල.....

අපි දෙන්න බැඳලා යාළුවොන්ගේ කියල ඉස්සෙල්ලම යන්න ඕනේ ගෙවල් වල අයට තමා මේ පොස්ට් එක පෙන්නේ.... හැබැයි ඉතින් කී දෙනෙක්ගේ ගෙවල් වලට තෑගී කියල සබන් powder අරන් යන්න වේවිද දන්නේ නෑ නේද බබා.......

No comments:

Post a Comment